Wednesday, October 17, 2012

INග්‍රීසි


මම අද පොඩි කතාවක් කියන්න හිතුව. මේක හිනා යන කතාවක් නම් නෙවෙයි. ටිකක් දුක හිතෙන්නත් පුළුවන්. මටම වෙච්ච වැඩක්.

මම විශ්ව විද්‍යාලෙට ගිය අලුතම ඉතින් තියන උණට දේශණ එක දෙකක ඉස්සරහම පේලියේ ඉඳගෙන ඉඳල තියනවා. ඒක දවසක් අපේ පළමුවෙනි කළල විද්‍යා දේශනයකට ගිහින් වාඩි උනා පළවෙනිම පේලියේ. දේශනය කරන මහාචාර්ය වරයාට කට්ටිය කිව්වේ Foetus Farooq (කළල ෆාරුක්). මෙයා ගැන කියන්න දේවල් නම් මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ කියන්නම්. මෙයාගේ තියන වැඩක් තමයි බැරි වෙලා හරි ප්‍රශ්නයක් අහල හිට්ටේව්වොත් අයේ ඉඳගන්න කියන්න අමතක වෙනවා. උත්තරේ වරදුනොත් නම් දේශනය ඉවර වෙනකල්ම හිටගෙන. මොකද මෙයා හිටගත්තු කෙනා අමතක කරල උත්තරේ කියලදෙන්න යන නිසා. මමත් ඉතින් දන්නෙම නැතුව ගිහින් ඉස්සරහම ඉඳල තියෙන්නේ මෙයාගේ දේශනයක.

ඔන්න ඉතින් වැඩ පටන් අරගෙන මෙයා ප්‍රශ්න අහනවා. අහන්නේ ඔක්කොම උසස් පෙළ ප්‍රශ්න. මතකය අලුත් කරගන්නලු. අනිත් රටවල ළමයිනුත් හිටු ගාල උත්තර දෙනවා. ඉන්දියාවේ අය එහෙම ඇහුව නැති ඒවටත් උත්තර දෙනවා. කැරකිලා කැරකිලා මගේ පෙර කල අකුසල කර්මයක් නිසාද මන්ද මටත් ඇඟිල්ල දික් උනා. ඇහුව ප්‍රශ්නේ තමයි What are the stages of cell cycle (‌‍සෛල චක්‍රයේ කොටස් මොනවාද?) ප්‍රශ්නේ නම් තේරුණා උත්තරෙත් දන්නවා, ඒත් කොහොමද ඒක කඩ්ඩෙන් කියන්නේ. මම දැන් අහස පොලව ගැටගහන්න කල්පනා කරනවා. මහාචර්ය තුමත් නිකන් කන්න වගේ බලාගෙන ඉන්නවා. මමත් ඉතින් වෙන දෙයක් වෙන්න හිතාගෙන සර් මට මේකේ උත්තරේ සිංහලෙන් කියන්න පුළුවන් ඒත් ඉංග්‍රීසියෙන් නම් කියන්න දන්නේ නැ කිව්ව. ඒ පාර එයා අහනවා ඔයාල මේවා ඉගනගන්නේ ඉංග්‍රීසියෙන් නෙවෙයිද කියල. මමත් ඉතින් නෑ කිව්ව. ඊට පස්සේ එයා කියනවා දන්න භාෂාවෙන්ම උත්තරේ දෙන්නලු. මමත් ඉතින් උත්තරේ සිංහලෙන්ම දීල එදා දෙශනේ ඉවර වෙනකල් හිටගෙන හිටිය.

එදා ගෙදර ඇවිත් මට හිතුනා ඇයි අපේ රටේ විතරක් උසස් පෙළ විෂයයන් ඉංග්‍රීසියෙන් උගන්නන්නේ නැත්තේ කියල. අනිත් දකුණු ආසියාතික රටවල සිසුන් නම් කීවේ එයාල උසස් පෙළ කලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියලයි. පිටරටක උසස් අධ්‍යාපනය ලබන්න යන අය දන්නවා අති මේකේ පාඩුව. ලංකාවේ හිටිය නම් දන්නේ නැති එකක් සිංහලෙන් හරි අහගන්න පුළුවන්නේ මොනවා උනත් ගුරුතුමා සිංහල දන්නවනේ. ඒත් පිටරටදී ඉතින් ජ්‍යෙෂ්ඨ සොයුරෙක්ගේ හරි සොයුරියකගේ හරි පිහිට තමයි. ඒක පාරක් අපේ සර් කෙනෙක් කිව්ව "I can explain it in English, Bhutanese, Nepali or Hindi but I'm helpless with you guys cuz I don't know Sinhalese".

ලංකාවෙත් අඩු තරමේ විද්‍යා විෂයයන් වැනි අන්තර්ජාතික විෂයයන් වත් ජාත්යන්තර භාෂාවෙන් ඉගැන්වීම ප්‍රචලිත කරන්න ඕනේ කියන එකයි මගේ නම් අදහස....

අපේ පොඩි නංගිලා මල්ලිලා ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් ඒක කට් කරන්නේ නැතුව මොනවා හරි ඉගන ගන්න බව මම දන්නවා. එහෙම කරන්න ඒක විෂයයක් නෙවෙයි ජීවිතයට නිපුණතාවයක්  බව හිතාගෙන.

සෛල චක්‍රය ගැන කියවන්න ආස අය මෙතනින් බලන්න http://en.wikipedia.org/wiki/Cell_cycle

6 comments:

  1. Dear,I don't know where do you study, but we are already studying in English medium in Sri Lanka,not only science but also commerce subjects.Don't be discouraged on Indians, their English pronunciation is so funny.("RRRR")

    ReplyDelete
  2. Dear, we are already studying in English medium in Sri Lanka,not only science but also commerce subjects.English is nothing but a language we communicate, if you have the correct knowledge,you will be familiar with it in 2-3 months.But don't speak Indian English("RRRRR"):-)

    ReplyDelete
    Replies
    1. Thank you very much for your encouragement....

      I hope more students will take their Advanced Levels in English medium in the future. It'l be a great help for their higher studies.

      Yes, we fumbled in scientific terms during first 3 months or so but once we got the hang of it we became as good as any other student, even better than them at times.

      And no we never speak Indian English we have our own identity when it comes to speaking English....

      Delete
  3. ඔබ කියන කතාව හරි යාලු..ගොඩක් තැන්වලදී මිනිස්සු අපහසුතාවයට පත්වන කරුණක් ඕක.

    ReplyDelete
    Replies
    1. අපි ගිය තැන හොඳ ජ්‍යෙෂ්ඨ සොයුරන් හිටපු නිසා බේරුනා නැත්තම් මැරෙන්න තමයි වෙන්නේ.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...