Monday, December 10, 2012

< your text here >

ඉතාම කාර්ය බහුල සති කීපයකට පස්සේ තමයි අයෙත් අලුතෙන් පොස්ට් එකක් ලියන්න හිතුවේ. මම පහුගිය 6 වෙනිදා මගේ මව් රටෙන් පිට උනා. දැන් ඉතින් අයෙත් පරණ පුරුදු රටාවට හැඩගැහෙන්න උත්සහ කරනවා. තාමත් හරියට ඒක කරගන්න බැරි උනා. ඒ මදිවට මෙහෙ හොඳටම සීතලයි. මම කොහොමත් කම්මැලියනේ. මේ වගේ කලෙක තමයි මට අර කලින් කිව්ව බ්ලැන්කට් කතාව මතක් උනෙත්.
හරියට ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ. අර මම ලියන මෙව්වා එකක් වත් ලියවෙන්නේ නෑනේ.

තව එකක්, මෙහෙ Youtube තහනම් කරලා. හරියට මෙයාල බැලුවේ නැත්තම් Youtube එක වැහෙයි කියල වගේ. කාට හිතෙන දේවල්ද මන්දා. හොර පාරවල් ටිකක් උත්සහ කරලා බැලුවත් තම හරියට හරියන එකක් හොයාගන්න බැරි උනා.

එක නෙවේ අලුත් ටෙලිවිෂන් වැඩසටහනක් අහු උනා ඒකත් පොඩ්ඩක් බලන්නකෝ. Elementary තමයි නම. හොඳයි වගේ. තාම බැලුවේ නම් කොටස් 2යි. ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක්. හැබැයි ලොකු වෙනස්කම් ටිකකුත් එක්ක. සමහරුන්ට නම් අල්ලන්නේ නැති වෙයි. BBC එකේ Sherlock එකට පිස්සු වැටිලා ඉන්න නිසා මට නම් හොඳයි වගේ.  මෙයා දැනට තියන කොටස් ඔක්කොම පොඩියට දාල තියනවා. බාගෙන බලන්න හොඳයිද කියල.

එහෙනම් මම නවතිනවා හිත පොඩ්ඩක් හදාගෙන අලුත් එකක් ලියන්නම්. එතකන් ජය වේවා






Related Posts Plugin for WordPress, Blogger...