Friday, March 29, 2019

වාලුකා

කළු ගල් තලාවකට වැටෙන මහා වර්ෂාවක් නොවී වාලුකා කතරකට වැටෙන පොද වැස්සක් වන්න. මන්ද, ඉන් එක මලක් වත් පිබිදේවි

Intwoworlds.blogspot.com

Sunday, January 6, 2013

සංගීතය

කන පිනන

සිත හදන

ගිම් නිවන

මියුරු බව.



ප.ලි - මේ දවස් වල මම විභාගෙකට ලෑස්ති වෙනවා. බ්ලොග් ලියන්නවත් හිත හදාගන්න අමාරුයි. විභාගේ කරලා ඉවර උනාම ටිකක් දිග පොස්ටුවක් දාන්න හිතාගෙන අදත් මෙව්වා එකක් ලියන්න හිතුවා.


මේ අදහස හිතට අවේ විභාග මානසිකත්වය පොඩ්ඩක් මග අරවාගන්න සින්දුවක් අහන වෙලාවක, අපේ හිතේ මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒවා ඔක්කොම අමතක කරවන්න හැකියාවක් සංගීතයට තියනවා. තමන් කවමදාවත් අහල නැති භාෂාවක ගීයක් උනත් අපිට ඉතාම සමීපයි වගේ දැනෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ මේ නිසා වෙන්න ඇති.

Monday, December 10, 2012

< your text here >

ඉතාම කාර්ය බහුල සති කීපයකට පස්සේ තමයි අයෙත් අලුතෙන් පොස්ට් එකක් ලියන්න හිතුවේ. මම පහුගිය 6 වෙනිදා මගේ මව් රටෙන් පිට උනා. දැන් ඉතින් අයෙත් පරණ පුරුදු රටාවට හැඩගැහෙන්න උත්සහ කරනවා. තාමත් හරියට ඒක කරගන්න බැරි උනා. ඒ මදිවට මෙහෙ හොඳටම සීතලයි. මම කොහොමත් කම්මැලියනේ. මේ වගේ කලෙක තමයි මට අර කලින් කිව්ව බ්ලැන්කට් කතාව මතක් උනෙත්.
හරියට ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ. අර මම ලියන මෙව්වා එකක් වත් ලියවෙන්නේ නෑනේ.

තව එකක්, මෙහෙ Youtube තහනම් කරලා. හරියට මෙයාල බැලුවේ නැත්තම් Youtube එක වැහෙයි කියල වගේ. කාට හිතෙන දේවල්ද මන්දා. හොර පාරවල් ටිකක් උත්සහ කරලා බැලුවත් තම හරියට හරියන එකක් හොයාගන්න බැරි උනා.

එක නෙවේ අලුත් ටෙලිවිෂන් වැඩසටහනක් අහු උනා ඒකත් පොඩ්ඩක් බලන්නකෝ. Elementary තමයි නම. හොඳයි වගේ. තාම බැලුවේ නම් කොටස් 2යි. ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක්. හැබැයි ලොකු වෙනස්කම් ටිකකුත් එක්ක. සමහරුන්ට නම් අල්ලන්නේ නැති වෙයි. BBC එකේ Sherlock එකට පිස්සු වැටිලා ඉන්න නිසා මට නම් හොඳයි වගේ.  මෙයා දැනට තියන කොටස් ඔක්කොම පොඩියට දාල තියනවා. බාගෙන බලන්න හොඳයිද කියල.

එහෙනම් මම නවතිනවා හිත පොඩ්ඩක් හදාගෙන අලුත් එකක් ලියන්නම්. එතකන් ජය වේවා






Wednesday, November 21, 2012

ඔබ හා මම

ඔබ ඇගේ මම ඇගේ

ඔබ ඔබේ මම මගේ

ඔබ මගේ මම ඔබේ

එත් අන්තිමේ ඔබට ඔබද නැත මට මාද නැත.




Related Posts Plugin for WordPress, Blogger...