Monday, December 10, 2012

< your text here >

ඉතාම කාර්ය බහුල සති කීපයකට පස්සේ තමයි අයෙත් අලුතෙන් පොස්ට් එකක් ලියන්න හිතුවේ. මම පහුගිය 6 වෙනිදා මගේ මව් රටෙන් පිට උනා. දැන් ඉතින් අයෙත් පරණ පුරුදු රටාවට හැඩගැහෙන්න උත්සහ කරනවා. තාමත් හරියට ඒක කරගන්න බැරි උනා. ඒ මදිවට මෙහෙ හොඳටම සීතලයි. මම කොහොමත් කම්මැලියනේ. මේ වගේ කලෙක තමයි මට අර කලින් කිව්ව බ්ලැන්කට් කතාව මතක් උනෙත්.
හරියට ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ. අර මම ලියන මෙව්වා එකක් වත් ලියවෙන්නේ නෑනේ.

තව එකක්, මෙහෙ Youtube තහනම් කරලා. හරියට මෙයාල බැලුවේ නැත්තම් Youtube එක වැහෙයි කියල වගේ. කාට හිතෙන දේවල්ද මන්දා. හොර පාරවල් ටිකක් උත්සහ කරලා බැලුවත් තම හරියට හරියන එකක් හොයාගන්න බැරි උනා.

එක නෙවේ අලුත් ටෙලිවිෂන් වැඩසටහනක් අහු උනා ඒකත් පොඩ්ඩක් බලන්නකෝ. Elementary තමයි නම. හොඳයි වගේ. තාම බැලුවේ නම් කොටස් 2යි. ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක්. හැබැයි ලොකු වෙනස්කම් ටිකකුත් එක්ක. සමහරුන්ට නම් අල්ලන්නේ නැති වෙයි. BBC එකේ Sherlock එකට පිස්සු වැටිලා ඉන්න නිසා මට නම් හොඳයි වගේ.  මෙයා දැනට තියන කොටස් ඔක්කොම පොඩියට දාල තියනවා. බාගෙන බලන්න හොඳයිද කියල.

එහෙනම් මම නවතිනවා හිත පොඩ්ඩක් හදාගෙන අලුත් එකක් ලියන්නම්. එතකන් ජය වේවා






4 comments:

  1. ෂර්ලොක් හෝම්ස්ට මාත් ආසයි... බලමු...

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවන්ට නම් අල්ලලා ගිහිල්ල. බලලම හොඳ නරක කියන්නකෝ.......

      Delete
  2. ආපු ගමන් පුරස්නයක් ආවා මට.... මේ බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට වේලිච්ච මිරිස් කරල් ටිකක්ම දාන්න හිතුනේ මොකද අප්පා... ඒකත් නිල් පාටින්.... හි හි...
    Youtube තහනම් කරලා..?? මොකද්ද බොලේ ඔය රට.......

    ReplyDelete
    Replies
    1. නියමයි අක්කේ ඔයා තමයි නිල් පාට මිරිස් දැකල මගෙන් ඒ ගැන අහපු පළවෙනියා..... අපේ අම්ම වේලන සැරම සැර මිරිස් කරල් බලාපොරොත්තු නොවෙන පාටකින් දැම්ම. මට නම් පරස් පර විරෝධී වීමේත් පොඩි ගතියක් තියනවා. සැර දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ රතු පාටින්. එත් වැරදිලාවත් මිරිස් නිල් පාට උනානම්........

      රට තමයි බන්ගලිදෙසේ අර පොඩි කාලේ අපි ඔලිඳ තියනවා කිව්වේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...