කන පිනන
සිත හදන
ගිම් නිවන
මියුරු බව.
ප.ලි - මේ දවස් වල මම විභාගෙකට ලෑස්ති වෙනවා. බ්ලොග් ලියන්නවත් හිත හදාගන්න අමාරුයි. විභාගේ කරලා ඉවර උනාම ටිකක් දිග පොස්ටුවක් දාන්න හිතාගෙන අදත් මෙව්වා එකක් ලියන්න හිතුවා.
මේ අදහස හිතට අවේ විභාග මානසිකත්වය පොඩ්ඩක් මග අරවාගන්න සින්දුවක් අහන වෙලාවක, අපේ හිතේ මොන තරම් ප්රශ්න තිබුනත් ඒවා ඔක්කොම අමතක කරවන්න හැකියාවක් සංගීතයට තියනවා. තමන් කවමදාවත් අහල නැති භාෂාවක ගීයක් උනත් අපිට ඉතාම සමීපයි වගේ දැනෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ මේ නිසා වෙන්න ඇති.
Sunday, January 6, 2013
Monday, December 10, 2012
< your text here >
ඉතාම කාර්ය බහුල සති කීපයකට පස්සේ තමයි අයෙත් අලුතෙන් පොස්ට් එකක් ලියන්න හිතුවේ. මම පහුගිය 6 වෙනිදා මගේ මව් රටෙන් පිට උනා. දැන් ඉතින් අයෙත් පරණ පුරුදු රටාවට හැඩගැහෙන්න උත්සහ කරනවා. තාමත් හරියට ඒක කරගන්න බැරි උනා. ඒ මදිවට මෙහෙ හොඳටම සීතලයි. මම කොහොමත් කම්මැලියනේ. මේ වගේ කලෙක තමයි මට අර කලින් කිව්ව බ්ලැන්කට් කතාව මතක් උනෙත්.
හරියට ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ. අර මම ලියන මෙව්වා එකක් වත් ලියවෙන්නේ නෑනේ.
තව එකක්, මෙහෙ Youtube තහනම් කරලා. හරියට මෙයාල බැලුවේ නැත්තම් Youtube එක වැහෙයි කියල වගේ. කාට හිතෙන දේවල්ද මන්දා. හොර පාරවල් ටිකක් උත්සහ කරලා බැලුවත් තම හරියට හරියන එකක් හොයාගන්න බැරි උනා.
එක නෙවේ අලුත් ටෙලිවිෂන් වැඩසටහනක් අහු උනා ඒකත් පොඩ්ඩක් බලන්නකෝ. Elementary තමයි නම. හොඳයි වගේ. තාම බැලුවේ නම් කොටස් 2යි. ෂර්ලොක් හෝම්ස් ගේ කතාවක්. හැබැයි ලොකු වෙනස්කම් ටිකකුත් එක්ක. සමහරුන්ට නම් අල්ලන්නේ නැති වෙයි. BBC එකේ Sherlock එකට පිස්සු වැටිලා ඉන්න නිසා මට නම් හොඳයි වගේ. මෙයා දැනට තියන කොටස් ඔක්කොම පොඩියට දාල තියනවා. බාගෙන බලන්න හොඳයිද කියල.
එහෙනම් මම නවතිනවා හිත පොඩ්ඩක් හදාගෙන අලුත් එකක් ලියන්නම්. එතකන් ජය වේවා

Wednesday, November 21, 2012
Wednesday, November 7, 2012
ආපසු
ඊයේ මම අපහු යන්න ටිකට් එක ගත්තා. යන්න තියෙන්නේ දෙසැම්බර් 6 වෙනිදා. දැන් ඉතින් එක දිහා බල බල ඉන්නවා අයෙත් යන්න වෙනවනේ කියල හිත හිත. පටන් ගත්ත වැඩේ ඉවර කරන්නත් ඕනෙනේ... නෑදැයෝ, දෙමව්පියෝ යාළුවො ඔක්කොම දාල යන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් බැඳගත්ත බෙරේ ගහන්න වෙනවනේ.
ලංකාවෙන් ඈත් වෙන්නම ඕනේ අගේ තේරෙන්න. අම්මගේ කෑම, තමන්ගේ කාමරේ තියන උණුසුම, මිනිස්සුන්ගේ ඒ සුහද හිනාව වෙන කොහෙවත් නෑ. මේ දේශපාලුවෝ ටික නැත්තම් ලංකාව කොච්චර ලස්සන රටක් වේවිද කියලත් වෙලාවකට හිතෙනව.
ගතින් කොහේ හිටියත් හිතින් හැමදාමත් අපි ලංකාවට එනවා............................................................

තව වරක්...
සිත නැතත්...
බෝ දුරක් යන්නට...
ලියවිල්ල ලැබුනා....

Subscribe to:
Posts (Atom)